තාරකා විද්‍යාවේ ආරම්භය


තාරකා විද්‍යාවේ ඉතිහාසය 
තාරකා විද්‍යාවේ ආරම්භය  මෑත කාලයේදී ඇති වූවක් නොවේ .එහි ආරම්භය ඈත අතීතය  දක්වා දිව යන්නකි.එඩේර යුගයේ මානවයා රාත්‍රී කාලයෙදී එලිමහනේ සිට තාරකා  නිරීෂණය කළ බව අතීතයේ සඳහන් වෙයි.එහිදී තරු තුළින් සිතින් මවා ගත් මනංකල්පිත රූප තාරකා රටා හෙවත් තරු රටා ලෙස හඳුන්වයි.එමෙන්ම අතීතයේ දී නාවුක ගමන් වලදී දිශාව සොයා ගැනීමට ද තරු උපයෝගී  කර ගත් බව පෙනේ.
තාරකා විද්‍යාව හෙවත් තාරකා වේදය (astronomy )යනු තාරකා, ග්‍රහ ලෝක,ධූමකේතු,ඌෂාලෝකය,චක්‍රාවට ආදී අභ්‍යාවකාශ වස්තු පිලිබඳ හා පෘථිවියෙන් පිටත දෑ පිලිබඳ හදාරන විද්‍යාවයි.තාරකා විද්‍යාව ලෝකයේ පැරණි ම විද්‍යාවන්ගෙන් එකක් ලෙස සැලකේ.එය පෞරාණික ග්‍රීක යුගය දක්වා දිව යයි.නූතන තාරකා විද්‍යාවේ දී ජෝතිශ්ශය හා තාරකා විද්‍යාව බෙහෙවින් සමාන වුවද ඒවා දෙයාකාර වේ

දුරේක්ෂය 
දුරේක්ෂය සොයා ගැනීමට පෙර තාරකා විද්‍යාවට මහගු  මෙහෙවරක් ඉටු කල උපකරණය වූයේ තරු මාලිමාවයි.මධයතන  යුගයේ දී එය ප්‍රයෝජනවත්  උපකරණයක්  විය.
දුරේක්ෂය පසු  කාලීන යුගයේදී  ගැලීලියෝ ගැලීලි විසින් නිශ්පාදනය කරන ලදී.එය තාරකා විද්‍යා ක්ෂේත්‍රයේ සුවිශාල  මෙහෙයක් ඉටු කිරීමට සමර්ත වී හමාරය.

තාරකා විද්යා ක්ශේත්‍රයට පුරෝගාමී 
වූ  පුද්ගලයන් 



-A.M. Kushan Madushanka

Comments