සෞරග්‍රහ මණ්ඩලය හා ග්‍රහ ලෝක ගැන ඔබත් දැනුවත්ද ?

සෞරග්‍රහ මණ්ඩලය හා ග්‍රහ ලෝක ගැන ඔබත් දැනුවත්ද ?



කොහොම ද මේ ග්‍රහ ලෝක හැදුණේ?
සූර්යයා ප්‍රධාන කොට ගෙන ඇති ග්‍රහ ලෝක වල උපත සිදු වූයේ වසර බිලියන ගනනාවකට පෙරයි.ඒ ස්වභාවික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙනුයි.එසේ උපන් සූර්යයා වටා භ්‍රමණය වෙමින් පැවතුණ තාරිය වලාවක් හැකිළීම හේතුවෙන් ග්‍රහ ලෝක සෑදුණු බව පිළිගැනේ.මෙසේ සූර්යයා වටා භ්‍රමණය වන ග්‍රහ ලෝක නිරතුරුව ඒ වෙත ඇදගනිමින් පවතී.ග්‍රහ ලෝක සූර්යයා වටා භ්‍රමණය වන බැවින් ඒවා සූර්යයා වෙත ඇදී යාම වැළකෙයි.එබැවින් ග්‍රහ ලෝක ස්ථාවර කක්ෂ ඔස්සේ සූර්යයා වටා භ්‍රමණය වෙයි.සූර්යයාගේ ගුරුත්ව බලය සහ සූර්යයා වටා පැවති මාලව භ්‍රමණය වෙමින් පැවතීමත් නිසා ඝනත්වයෙන් වැඩි ද්‍රව්‍ය සූර්යයා වෙත ඇදී යයි.එසේ ඇදීගිය ද්‍රව්‍යවලින් සූර්යයා ආසන්නයේ පවතින බුද,සිකුරු,පෘථිවි සහ අඟහරු වැනි බරෙන් වැඩි ඝන ග්‍රහ ලෝක බිහි වූයේ ය. ඝනත්වයෙන් වැඩි ද්‍රව්‍ය වලින් සෞරග්‍රහ මණ්ඩලයේ ඈතින් පිහිටි බ්‍රහස්පති සෙනසුරු ,යුරෙනස් සහ නෙප්චූන් වැනි ග්‍රහ ලෝක නිර්මාණය වී තිබෙනවා. සූර්යයාට ආසන්නයේ පිහිටි  ග්‍රහ ලෝක වල ඝනත්වය වැඩි නිසා උශ්නත්වයක් පවතිනවා. ග්‍රහ ලෝක නිර්මානය වී තිබෙනවා.එඇනි ශක්තියක් නොමැති ද්‍රව්‍ය ග්‍රහ ලෝක වටා වලලු ආකාරයෙන් පවතිනවා.

ග්‍රහ ලෝක කොහොමද පිහිටලා තියෙන්නේ ?
සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක ප්‍රධාන වශයෙන් කොටස් 2ට වෙන් කෙරෙනවා.ඒ,අභ්‍යන්තර ග්‍රහලෝක හා බාහිර ග්‍රහලෝක වශයෙන් සූර්යයාගේ සිට ග්‍රාහක පටිය(asteroid belt ) දක්වා වූ ප්‍රදේශ හැදින්වෙන්නේ අභ්‍යන්තර සෞරග්‍රහ  මණ්ඩලය (inner solar system ) ලෙසයි.ග්‍රාහක පටියේ සිට සෞරග්‍රහ මණ්ඩලයේ අවසාන සීමාව දක්වා ප්‍රදේශය බාහිර සෞරග්‍රහ මණ්ඩලය (outer system )ලෙස හැදින්වෙනවා.


අභ්‍යන්තර ග්‍රහලෝක මොනවාද ?

සෞරග්‍රහ මණ්ඩලයේ ඇතුළත සීමාවේපිහිටන ග්‍රහලෝක ලෙස හැදින්වෙන්නේ බුද, සිකුරු,අඟහරු ආදියයි.මේවා භාහිර සෞරග්‍රහ මණ්ඩලය අයත් ග්‍රහලෝ සමග සසදන විට ප්‍රමාණයෙන් කුඩයි.ඒවා පාෂාණමය ග්‍රහලෝක ලෙස හදුන්වනවා.එසේම මේව වැඩි ඝනත්වයකින් ද යුක්තයි.

බාහිර ග්‍රහලෝක මොනවා ද ?

සෞරග්‍රහ මණ්ඩලයට අයත් බාහිර ග්‍රහලෝක ලෙස හැඳින් වෙන්නේ බ්‍රහස්පති, සෙනසුරු, යූරේනස් සහ නෙප්චූන් ආදී ග්‍රහලෝකයී. මේවා අභ්‍යන්තර ග්‍රහලෝක වලට ප්‍රතිවිරුද්ධ ලක්ශන දරනවා. මේවා ඝණත්වයෙන් අඩු විශාල වායුමය ග්‍රහලෝකයී.



සූර්යා කියන්නේ කවුද ?

සූර්යයාකියන්නේ තාරකාවකටයි.වායුන්ගෙන් සැදුම් ලත් සැදුම්ලත් බෝලයක් ලෙස ඇති සූර්යයා ශක්තිය නිපදවන උල්තක්.එය ආලෝකය සහ උණුසුම ලබා දෙනවා. අතීතයේ සිට මිනිසුන් සූර්යයාට සැලකුවේ දෙවියකු ලෙසටයි .හිරුට ගරු කළ මිසර වැසියෝ සිතා සිටියේ හිරු ගෙන් සියලු දේ ලැබෙන බවයි .තවත් පිරිසක් හිරු දෙවියන් පිදීම ට පුරුදු වී සිටියේය.

A.M. Kushan Madusanka

Comments

Popular Posts