උප ග්‍රහයෝ
තාරකා විද්‍යාවට අනුව උපග්‍රහයෙකු යනු ග්‍රහලෝකයක් හෝ තාරකාවක් වටා භ්‍රමණය වෙන ද්වීතීක වස්තුවකි .එවිට මූලික වස්තු වන්නේ එම ග්‍රහ ලෝකය හෝ තාරකාවයි .අප වඩාත් හොඳින් දන්නා උප ග්‍රහයා වන්නේ අපගේ පෘථිවියට ආසන්න උප ග්‍රහයා වන චන්ද්‍රයායි.සූර්යයාගේ උපග්‍රහයෙකු ලෙස පෘථිවිය ක්‍රියා කරනවා මෙන් එය පෘථිවියේ උප ග්‍රහයා ලෙස ක්‍රියා කරයි .නමුත් චන්ද්‍රයා ගේ හා පෘථිවියේ විශාලත්ව ඇති සමීපතාව නිසා ඒවා සමහර වෙලාවට ද්විත්ව ග්‍රහලෝක පද්ධතියක් ලෙස ක්‍රියා කරන බවට ද සලකනු ලැබේ .සෞරග්‍රහ මණ්ඩලයේ හඳුනා ගෙන ඇති බොහෝමයක් උප ග්‍රහයෙක් ඒවායේ මව් ග්‍රහයා පරිභ්‍රමණය වන දිශාවට එනම් බටහිර සිට නැගෙනහිරට භ්‍රමණය වේ .විශාල පිටත ග්‍රහලෝකවල උපග්‍රහයින් ස්වල්පයක් පමණ මෙහි විරුද්ධ අතට එනම් නැගෙනහිර සිට බටහිරට භ්‍රමණය වන බව සොයා ගෙන ඇත .සමහර ඒවා සෞරග්‍රහ මන්ඩලය නිර්මාණය වූ පසුව එම ග්‍රහලෝකවල ගුරුත්වාකර්ෂණ ශේත්‍රයට අසු වූ ඒවා විය හැකිය.වෝයෙජර් යානයෙන් ලැබෙන තොරතුරු අනුව ප්ලූටෝ ග්‍රහයා සූර්යයා වටා නොව වෙනත් කක්ෂයක ගමන් කරන ප්ලූටෝ ග්‍රහයා යනු වාමක ග්‍රහයෙකි .මෙම කුරු ගුරු ග්‍රහයාට චාරෝන් නම් උපග්‍රහයෙකු ඇති බව සොයා ගෙන තිබේ .
2.කෘත්‍රිම උපග්‍රහයෝ(චන්ද්‍රිකා තාක්ෂණයේ මූලාරම්භය )
1945 වසරේදී ශ්‍රී ලංකාවේ ගෞරව ගෞරවනීය පුරවැසියෙකු වූ ආතර් සී ක්ලාක් මහතා විසින් the future of world කොමිනිකේෂන් නම් විද්වත් හමුවේ දී ප්‍රථම වරට චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ අදහස ඉදිරිපත් කරමින් කියා සිටියේ අභ්‍යවකාශයේ කක්ෂගත කරන ලද චන්ද්‍රිකා තුනක් මගින් මුළු ලොවට ම එකවර පණිවිඩ යැවිය හැකි බවයි .ඔහුගේ එම අදහස් යථාර්ථයක් බවට පත් වන්නේ 1957 ඔක්තෝබර් 4 වැනිදා සෝවියට් රුසියාව ලොව ප්‍රථම චන්ද්‍රිකාව එනම් sputnik 1 කක්ෂ ගත කිරීමත් සමඟයි . ඉන් ඇරඹුණු සන්නිවේදන චන්ද්‍රිකා තාක්ෂණය අදවන විට ශීඝ්‍රයෙන් දියුණුවට පත්වෙමින් පුළුල් විශ්වීය අවශ්‍යතා ඉටු කරන මෙවලමක් බවට පත්වී ඇත. දුරකතන, රූපවාහිනී, කාලගුණ සන්නිවේදන ජාල ආදී ලෝකය විශ්ව ගම්මානයක් බවට පත් කිරීමෙහිලා පුරෝගාමී වූ සියලු ක්ෂේත්‍රය න්හි සම්බන්ධීකාරකයා වන්නේ ද සන්නිවේදන චන්ද්‍රිකාය.පෘථිවිය ට35768km ඉහලින් අභ්‍යවකාශයේ කක්ෂයක ස්ථානගත කර ඇති මෙම ඉලෙක්ට්‍රොනික් උපකරණ පිහිටි කක්ෂය හඳුන්වන්නේ ක්ලාර්ක් ලක්ෂය ලෙසයි. මෙම සංකල්පය මුලින්ම ඉදිරිපත් කළ ආතර් සී ක්ලාක් මහතාට ගෞරව කිරීම පිණිසයි .
චන්ද්‍රිකාවක් යනු
කුමක් හෝ අරමුණක් උදෙසා මිනිසා විසින් සූර්යයා හෝ පෘථිවියේ හෝ වෙනත් ග්‍රහලෝකයකට කක්ෂයකට ස්ථානගත කරන ලද වස්තුවක් කෘතිම චන්ද්‍රිකා ලෙස හඳුන්වයි .1957 වර්ෂයේ ලොව ප්‍රථම කෘතිම චන්ද්‍රිකාව යැවූ කාලයේ සිට මෙවැනි මිනිසා විසින් නිපදවනු ලැබූ චන්ද්‍රයින් සිය දහසකටත් වැඩි ගණනක් පෘථිවිය කක්ෂයට යවා ඇත.වර්තමානයේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දී, යුද තොරතුරු ලබා ලබාගැනීමේදී , පෘථිවිය හා පිටත අභ්‍යවකාශ තොරතුරු ගවේෂණයේ දී සහ විද්‍යාත්මක අධ්‍යයන වලදී ඉතා වැදගත් කාර්යයක් මෙවැනි කෘතිම චන්ද්‍රිකා මගින් ඉටුකරනු ලබයි .
විවිධ චන්ද්‍රිකා වර්ග
ඉංජිනේරුවන් හා විද්‍යාඥයන් විසින් විවිධ වර්ග වල චන්ද්‍රිකා නිර්මාණය කර තිබේ. මේවා එක් එක් විශේෂිත අරමුණු හා කාර්යයන් සඳ්හානිපදවා ඇත. උදාහරණයක් ලෙස විදුලි සන්දේශ හා රූපවාහිනී ගුවන්විදුලි විකාශන ව්‍යාපාරවලදී රේඩියෝ රූපවාහිනී දුරකථන සහ අන්තර්ජාල හරහා දත්ත හුවමාරුවේදී සංඥා ආදිය රැහැන් රහිතව හෝ නැවතීමක් නැතිව ගෙන යාමට සන්නිවේදන චන්ද්‍රිකාවක් යොදාගැනේ. ගමනාගමන කටයුතුවල දී යොදාගන්නා චන්ද්‍රිකා වලට පොලවෙි ඉතා සියුම් තැන් පවා පෙන්වා දීමේ හැකියාව ඇත. කාලගුණ චන්ද්‍රිකා මගින් කාලගුණ විද්‍යාඥයින්ට කාලගුණය පිළිබඳ දත්ත ලබා ගැනීමේ හැකියාව ඇත .ඇමරිකා එක්සත් ජනපදය රජය රුසියානු චීන රජයන් ද නිරීක්ෂණ චන්ද්‍රිකා යොදා ගනිමින් යුද ක්‍රියාකාරීත්වයට වැදගත් වන තොරතුරු රැස් කර ගනී. විද්‍යාත්මක චන්ද්‍රිකා ,පෘථිවිය නිරීක්ෂණය, පිටත ග්‍රහලෝක, සූර්යයා, ධුමකේතු, උල්කාපාත ,මන්දාකිණි නිරීක්ෂණය වෙනි අභ්‍යවකාශයේ මූලික කාරණා බොහොමයක් සඳහාත් යොදා ගනී.
Artical by A.M.Kushan Madhusanka
Image Source -
http://abyss.uoregon.edu/~js/images/phobos_deimos.jpg
https://c2.staticflickr.com/2/1580/26434520855_2a6693ebaf_o.png
https://th.bing.com/th/id/OIP.fba_je6HdUpQ9jq8rysrJQHaEK?pid=Api&rs=1




Comments
Post a Comment