අභ්‍යවකාශය ජයගන්නට සැරසෙන ශ්‍රී ලාංකික කාන්තාවකගේ කතාව
වයස අවුරුදු 19 ක තරුණියකි . ඇය නමින් සදලි ලක්ෂානි කුමාරසිංහය.නුගේගොඩ අනුලා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඇය අභ්‍යවකාශය ගැන අධ්‍යයයනයට මහත් රුචියක් දක්වන්නීය.ඇය *The Mars Generation* සංවිධානයේ ශිෂ්‍ය තානාපතිවරයකු වශයෙන්ද , *CASIS ( Center for the Advancement of Science in Space )* මධ්‍යස්ථාන තානාපතිවරයකු ලෙසද , *Space Generation Advisory Council* හි සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.
ඇය 2019 ජුනි මස ඇමරිකාවේ *US Space & Rocket Center* මගින් පැවැත්වූ *Advanced Space Academy* දින 6 ක පුහුණු වැඩසටහන සදහා සහභාගි විය.
*එහිදී ඇය ලබා ඇති අත්දැකීම්*
____________________________________
මෙහිදී ඇයට ආදර්ශ මෙහෙයුම් තුනක නිරත වීමට සිදුවී ඇත.
1 - පහළ කක්ෂීය පැයක මෙහෙයුම ( 1-Hour Mission In Low Earth Orbit ( *LEO* ) )
2 - දිගු කාලීන එනම් පැය තුනක මෙහෙයුම ( 3-Hours Mission / Extended Duration Mission ( *EDM* ) )
3 - ඔරායන් අගහරු මෙහෙයුම ( Orion Mars Missiom ( *OMM* ) )
මෙහි පළමු මෙහෙයුමේදී ඇයට Mission Specialist වරයෙකු වශයෙන් කටයුතු කිරීමට සිදුවී ඇත.එහිදී යානයෙන් පිටතට පැමිණ කරණ ක්‍රියාකාරක ( *Extra & Vehicular Activity* ) නිරත වී චන්ද්‍රිකාවේ ඇන්ටෙනාවේ අලුත් වැඩියාවක් කිරීමට සිදු වී ඇත.
දෙවැනි මෙහෙයුමේදී ඇයට *Emergency Environmental & Consumables Operation Manager ( EECOM )* හා *Chief Medical Officer ( CMO )* යන නිල වල කටයුතු කිරීමට සිදුවී ඇත.
තුන් වැනි මෙහෙයුමේදී ගුවන් පාලන නිළධාරියා ලෙස කටයුතු කිරීමට ඇයට සිදු වී ඇත.ඒවගේම රොකට්ටුවක් නිර්මාණය කිරීම ගගනගාමියෙකුගේ ඇදුමක් නිර්මාණය කිරීම වැනි ඉංජිනේරුමය අභියෝග වලට මුහුණ දීමටද ඇයට සිදු වී ඇත. තවද 1/6 Gravity Chair & Multi Axis Trainer ( MAT ) යන අභ්‍යාවකාශයේදී මුහුණ දෙනවාක් මෙන් හා සමාන Simulator අත්දැකීමක් ලබාගැනීමටද ඇයට හැකියාව ලැබී ඇත.
මෙම චාරිකාවේදි ඇයට *Visitor Center for NASA Marshall Flight Center මධ්‍යස්ථානය දැක ගැනීමටද හැකියාව ලැබී ඇත.
මෙය කියවන විට ඔබටත් සිතෙනවා ඇති වේවි මටත් මෙහෙම පුහුණුවකට යාමට ඇත්නම් කියා.
ඇත්තෙන්ම අවුරුදු 18 ට වැඩි තාරකා විද්‍යාවට උනන්දුවක් දක්වන අයට මෙයට සහභාගි වීමේ හැකියාව ඇත. ඒ සදහා පහත දක්වා ඇති වෙබ් අඩවි මගින් ඔබට ලියාපදිංචි වීමේ හැකියාව ඇත.
එහිදී ඔබ කණ්ඩායමක් වශයෙන් යමට බලාපොරොත්තවක් තිබේ නම් එහි අදාල දවසට ඇති ඉඩකඩ අනුව ඔබගේ දිනය වෙන් කරවා ගත යුතුය. ඒ වගේම ඔබ සහභාගි වීමට බලාපොරොත්තු වන පුහුණුව මොකක්ද යන්නත් එහිදී තීරණය කිරීමට සිදුවෙනු ඇත. මෙහිදී දින 6ක් සදහා නවාතැන් පහසුකම් සහ පුහුණු ගාස්තු පමණක් 300,000 LKR වන අතර ඇමරිකාව සදහා ගුවන් ටිකට් පත් සහ visa ඔබ විසින් වෙනම සූදානම් කරගත යුතුය. සියලුම කටයුතු සදහා 600,000 - 700,000 LKR වැනි මුදලක් වියදම් කිරීමට සිදු වේ.
මෙහිදී ඔබට මුදල් අපහසුතාවයක් ඇත්නම් එහි ඇති ශිෂ්වත්වයකට අයදුම් කිරීමේ හැකියාව ඇතිමුත් ගුවන් ටිකට් පත් සහ visa ඔබ විසින් සූදානම් කරගත් යුතු වේ.
*Advanced Space Academy* -
Website -http://www.spacecamp.com/space/advancedacademy
Instagram -https://instagram.com/spacecampusa?igshid=197mpgjqlvj27
- S.A. Anuhas Kalhara






This comment has been removed by a blog administrator.
ReplyDelete