දුරේක්ෂයක් මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද ?

දුරේක්ෂයක් මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් වියයුතු දේවල් 🔭⚠️️🚫
_____________________________________________

තාරකා විද්‍යාවට අත්පොත් තබන ඕනෑම කෙනෙකුගේ ප්‍රධානම අරමුණ දුරේක්ෂයක් මිලදී ගැනීමයි. එබැවින් මෙම ලිපිය හරහා අප ඔබව දැනුවත් කරනුයේ දුරේක්ශයක් මිලදී ගැනීමේදී සෑකිලිමත් විය යුතු කරුණු පිලිබදවයි.

ප්‍රදාන වශයෙන් දුරේක්ශ වර්ග දෙකකි.ඒවා නම් වර්තන දුරේක්ශ සහ පරාවර්තන දුරේක්ශයි.වර්තන දුරේක්ශ කාච මත පදනම්ව ඇති අතර පරාවර්තන දුරේක්ශ දර්පන මත පදනම්ව නිර්මාණය කර ඇත.මීට අමතරව කාච හා දර්පන යන දෙකම මත පදනම්ව කැසිග්‍රේන් දුරේක්ශ නම් දුරේක්ශ වර්ගයක්ද හදුන්වා දී ඇත..

දුරේක්ශයක් මිලදී ගැනීමට පෙර ඔබ එම දුරේක්ශය මිලදී ගන්නේ ප්‍රධාන ලෙස කුමන කාරනයටද යන්න වැදගත්ය.උදාහරණ ලෙස ඔබ තාරකා විද්‍යාවට ආධුනිකයෙක් නම් වඩා සුදුසු වන්නේ වර්තන දුරේක්ශයි.ඊට හේතුව තාරක විද්‍යාවට අත්පොත් තබන්නන් මූලික ලෙස බලාපොරොත්තු වන්නේ සද,ග්‍රහලෝක වැනි සාපේක්ශව දීප්තිමත් වස්තු නිරීක්ෂණය කිරීමටයි..තාරකා විද්‍යාවට සාමාන්‍යයෙන් අත්දැකීමක් ඇති අයෙක් නම් පරාවර්තන දුරේක්ශයක් මිලදී ගැනීම වඩා වැදගත්ය.
දුරේක්ශයක වටිනාකම එහි අවනෙත් කාචයෙහි හෝ දර්පණයේ විශාලත්වය වැඩිවනතරමට වඩාත් සුදුසුය.ඊට හේතුව විවරය විශාල වන තරමට වැඩි ආලෝක ප්‍රමාණයක් ග්‍රහනය කරගැනීමට හැකිවීමයි.දුරේක්ශයක් මිලදී ගැනීමේදී 
දුරේක්ශයේ විශාලන බලය පිලිබවද සැලකිලිමත් විය යුතුය..

බොහෝ අය  විශාලන බලය ඉතා වැඩි දුරේක්ශ මිලදී ගැනීමට වැඩි නැඹුරුවක් දක්වයි..නමුත් විශාලනය වැඩිවන තරමට අහසේ අපට නිරීක්ෂණය වන පරාසය වැඩිවන බැවින් අපට අවශ්‍ය වස්තුව ග්‍රහනය කිරීම අපහසුවෙයි..එමනිසා වඩා වැඩි විශාලනයක් සහිත දුරේක්ශයක් මිලදී ගැනීමට වඩා ,වඩා විශාල අවනෙතක් හෝ දර්පනයක් සහිත දුරේක්ශයක් ගැනීම වඩාත් සුදුසුය.එමෙන්ම දුරේක්ශයක විවරයේ ප්‍රමාණය වැඩිවන තරමට එහි මිලද වැඩිවනබව සදහන් කල යුතුය. දුරේක්ශයේ අධාරකය පිලිබදවද සැලකිලිමත් වියයුතුමය.දුරේක්ශ ආධාරක මූලික වර්ග දෙකකි..ඒ , උච්ච උද්දිගංශ (alti-azimuth) දුරේක්ශ ආධාරක  සහ සමක මූලික දුරේක්ශ ආධාරකයි..

මින්  ආධුනිකයෙකුට වඩා සුදුසු වන්නේ උච්ච උද්දිගංශ ආධාරක වර්ගයයි..එයට හේතුව ඉතා පහසුවෙන් එය භාවිතා කල හැකිවීමයි..තාරක විද්‍යාව පිලිබදව යම්තාක් අත්දැකීම් ඇති තැනැත්තෙකුට නම් සමක මූලික ආධාරකයක් සහිත දුරේක්ශයක් මිලදී ගැනීම ඉතාමත්ම අගනේය.
මීට අමතරව තාරකා විද්‍යා චායාරූපකරනයට ලැදි අයෙකු නම් අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රොනික ආදාරකයක් සහිත දුරේක්ශයක් මිලදී ගත යුතුය..එයට හේතුව එහිදී වඩා වැඩි නිරාවරණය කාලයක් සහිතව චායාරූප ලබාගන්න බැවින් තරු ඇදීයාම වැලැක්වීමට තරු වල් චලිතය සමග භ්‍රමණය වන(tracking) දුරේක්ශ ආධාරක භාවිතා කල යුතු වීමයි..
එමෙන්ම මිලදී ගන්න දුරේක්ශයේ මාදිලිය පිලිබදවද සැලකිලිමත් විය යුතුය..
ප්‍රසිද්ධ සහ නමක් දිනා ඇති දුරේක්ශ වර්ග ලෙස kson,celestron,skywatcher,ioptron,orion,meade වැනි දුරේක්ශ මාදිලි හැදින්විය හැකිය..


_____________________________________________

ඉතින් ඔබ දුරේක්ෂයක් මිලදී ගැනීමට ආයතන සොයනවා ඇති.

ලංකාව තුලදී ඔබට කුරුණෑගල PaperConer ආයතනය , කොළඹ Colper සහ S&T Group ආයතනය මගින් දුරේක්ෂ මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා.

ඒ වගේම ඔබට Amazon , Ebay වගේ Online Shopping වෙබඩවි හරහාද දුරේක්ෂ ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා.

ඒ වගේම Amazon Ebay වැනි Online Shopping වෙබ් අඩවි වල ඇති දුරේක්ෂ කප්රුක ආයතනය හරහාද ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාවක් ඇත. 

ඉහත ආයතන වල වෙබ්අඩවි වල ලින්කු පහතින් දක්වා ඇත.

• Colper - http://colperlab.com/#ASTRONOMY

• S&T Group -http://optics.sandtgroup.lk

• Amazon - https://www.amazon.com/s?k=telescopes&ref=is_s

• Ebay - https://www.ebay.com/sch/i.html?_nkw=telescope+&_trksid=p2380057.m4084.l1313.TR12.TRC2.A0.H0.Xtelescope.TRS0

කප්රුක හරහා ගෙන්වාගන්නේ නම් මෙම වෙබ් අඩවියට පිවිසෙන්න

• Kapruka Global  - https://www.kapruka.com/globalshop/price_check.jsp



Comments