මන්දාකිණි කියන්නේ මොනවද ?
මන්දාකිණි යනු මොනවාද ?
Galaxy හෙවත් මන්දාකිණි යනු භ්‍රමණය වන තරු, වායු සහ ධූලි ඝන සමූහයයි.මන්දාකිණි එකට එක්කොට තබන්නේ ගුරුත්වාකර්ෂණ බලයෙන් බව විද්‍යාඥයන් සොයාගෙන තිබේ.මන්දාකිණි විවිධාකාර හැඩයෙන් යුක්ත වේ.පෘථිවිය ඇතුළු අපේ සෞරග්‍රහමණ්ඩලය අයත් වන්නේ ක්ෂීරපථය නමැති මන්දාකිණියටයි.දැන් දන්නා අන්දමට ක්ෂීරපථය මණ්දාකිණිය කොපමණ නම් විශාල ද කිවහොත් තප්පරයට කිලෝමීටර ලක්ෂ තුනක් වේගයෙන් ගමන් කරන ආලෝක ධාරා ක්ෂීරපථයේ එක් කොනක සිට අනෙක් කෙළවරට යාමට වසර ලක්ෂයක් ගත වෙයි.වෙනත් ආකාරයකට කිවහොත් කැරකෙන බඹර චක්‍රයක් බදු ක්ෂීරපථයෙහි විශ්කම්භය ආලෝක වර්ෂ ලක්ෂයකි .
ක්ෂීරපථය
ක්ෂීරපථය කියන්නේ අපි ඉන්න මන්දාකිණියයි.
ක්ෂීරපථය එහි පැත්තකින් බැලූ කල දිස් වන්නේ මැද නෙරාවිත් තිබෙන සමතලා කරන ලද තැටියක් ආකාරයටයි .තැටිය වටා ප්‍රභා මණ්ඩල යනුවෙන් හැඳින්වෙන ගෝලාකාර ප්‍රදේශයකි. එය සමන්විත වන්නේ ගුප්ත පදාර්ථ සහ ගෝලිකා ආකාර තාරකා පොකුරුවලිනි.ජුනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ක්ෂීරපථයේ විශේෂයෙන්ම දීප්තිමත්ය. එහෙයින් පැත්තෙන් බලද්දී ට වඩා උඩින් බැලූ කල හොඳින් දර්ශනය වේ .
මන්දාකිණි වර්ගීකරණය
මන්දාකිණි අණ්ඩාකාර මන්දාකිණි, සර්පිලාකාර මන්දාකිණි, අක්‍රමික මන්දාකිණි ආදී වශයෙන් කොටස් තුනකින් යුක්ත වේ.
1.අණ්ඩාකාර හෙවත් ඉලිප්සීය මන්දාකිණි
මෙම මන්දාකිණි අණ්ඩාකාර හැඩයක් ගනී. ඒවායේ ස්කන්ධය විවිධ වේ. විශාල පරාසයක් තුල පිහිටා ඇත.
2.සර්පිලාකාර මන්දාකිණි
සර්පිලාකාර හැඩයක් ගන්නා මන්දාකිණි සර්පිලාකාර මන්දාකිණි ලෙස හැඳින්වේ .
3.අක්‍රමික මන්දාකිණි
මෙම මන්දාකිණි වලට නිශ්චිත හැඩයක් නැති අතර වර්ගීකරණය ද කළ නො හැකි වේ.
මන්දාකිණි වල ආරම්භය
මන්දාකිණි වල ආරම්භය මහා පිපුරුම් පිපුරුම්වාදය දක්වා දිවයයි.මුල්ම මන්දාකිණිය සෑදුනේ මහා පිපුරුමෙන් මෙන් වසර සීයකට පසුවයි.මෙවැනි මන්දාකිණි බිලියන ගණනක් විශ්වය පුරා සොයා ගත හැක.මන්දාකිණි සම්බන්ධ ඉතා වැදගත් සොයාගැනීම් කළ විද්‍යාඥයන්ට හිමිවන සම්මානය හිමි හිමිවන්නේ වන්නේ එඩ්වින් හබල් නම් විද්‍යාඥයාටය.රාත්‍රී අහසේ දෘෂ්‍යමාන වන ආලෝක ලප හෝ අන්ඩ ඇත්තටම දුර පිහිටි ගැලැක්සි බව 1929 දී එඩ්වින් හබල් විද්‍යාඥයා පෙන්වා දුන්නේ ය.ඒ තුළින් ලෝකය පවතින්නේ ක්ෂීරපථය තුළ යන මතය බිඳ වැටුණි . දැනට විද්‍යාඥයන්ගේ මතය නම් නම් ක්ෂීරපථයෙන් මන්දාකිණි දුරස් වෙමින් පවතින බවයි .ඒ අනුව එඩ්වඩ් හබල් විද්‍යාඥයා නිගමනය කළේ විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින බවයි .ඒ අනුව මන්දාකිණි කාලයත් යත්ම අඩු වෙන බවත් ඒවා වෙනස් ම හැඩයකින් යුක්ත වන බවත් ඔවුන් පවසයි.
Article by -A.M. Kushan Madhusanka






Comments
Post a Comment