සාපේක්ෂතාවාදය


අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය මිනිසෙකුගේ හිස තුළ හටගත් ස්වාභාව ධර්මය ගැන ඇති වූ අනර්ඝ සිතුවිල්ලක් ලෙස බොහෝ අය සලකති. එය ගුරුන්වාකර්ශනය, චලිතය, අංශු, ශක්තිය, කාලය සහ අවකාශය, කළු කුහරයක ආරම්භය, මහා පිපුරුම් වාදය සහ අදුරු ශක්තිය හෙවත් dark energy ගැන විස්තර කරයි. 

මෙය මගින් ජෝර්ජ් ලෙමයිත්‍රේ (georges lemaitre) , ස්ටීෆන් හෝකින් ආදි විද්‍යාඥයින් රැසක් තවදුරටත් විද්‍යාව දියුණු කිරීමට මග පැදීම සිදු විය. 


1676 දී Ole Romer ආලෝකයේ වේගය බ්‍රහස්පතිගේ චන්ද්‍රයන්ගෙන් පැමිණෙන ආලෝකය අනුව ගණනය කිරීමට උත්සාහ කළත් එය 25% ක් මන්දගාමී විය.කෙසේ වෙතත් 1850 වන විට අාසන්න නිවැරදි මිනුම් ලබා ගත හැකි විය. 19 වන සියවසේ අග භාගය වන විට මතය වූයේ භෞතික විද්‍යාඥයින් විශ්වයේ රහස් සොයා ගෙන අවසන් බවයි. එහෙත් ඇල්බට් අයින්ස්ටයින් එයට එකග වූයේ නැත.
ස්විට්සලන්තයේ පේටන්ට් බලපත්‍ර කාරයාල්‍යක වැඩ කළ අයින්ස්ටයින්  1905 දී ඔහුගේ ප්‍රමේයය ඉදිරිපත් කළේය. එනිසා එම අවුරුද්ද Annus Mirabilis එනම් ප්‍රාතිහාර්ය අවුරුද්ද ලෙස නම් විය.

සාපේක්ෂතා වාදයේ  බිඳක් ගතහොත්


අයින්ස්ටයින් තම අදහස් වර්ධනය කිරීමට සිතුවිලි පර්යේෂණ සිදු කල ඇත. වඩාත් විශේෂ සිතුවිලි පර්යේෂණය මෙසේය.
මිනිසුන් දෙදෙනෙක් සිටිනවා. ඒක අයෙක් ගමන් කරන දුම්රියක් ඇතුලේ, අනිත් කෙනා දුම්රිය වේදිකාවේ. දුම්රිය තුළ සිටින්නේ කමල් ලෙස ගනිමු. වේදිකාවේ සිටින්නේ සමන් ලෙස ගනිමු. කමල් දුම්රිය වහලය උඩ තිබෙන කැඩපතකට විදුලි පහනක් එල්ල කර එම ආලෝකය කැඩපතට ගොස් ආපසු තමා වෙතට ඒමට යන කාලය මනියි.
 ඒ සමගම ඔහු සිටින දුම්රිය ආලෝකයේ වේගයෙන් ගමන් කරනවා යයිද සිතමු.
වේදිකාවේ සිට සමන් විදුලි පහනේ ආලෝකය කැඩපතාට ගොස් ආපසු පැමිණෙන බව දකියි. එහෙත් එය ආපසු ගොස් පැමිණීමට යන කාලය තුළදී දුම්රිය ආලෝකයේ වේගයෙන් ඉවතට යමින් පවතී.
ඒ නිසා සමන්ට ආලෝකය පෙනෙන්නේ ඉහළ සිට පහළට නොව ඉදිරියට හා පසුපසට යන්නක් මෙනි. සමන්ට ආලෝකය වැඩි දුරක් ගමන් කර ඇති බව පෙනෙන නිසාත් ආලෝකය එකම වේගයෙන් ගමන් කරන නිසාත් අනිවාර්යෙන්ම වැඩි කාලයක් ඒ සදහා ගත වී ඇත.

මෙයට අයින්ස්ටයින්ගේ විසදුම නම්,

වේගය නම් කිසියම් දුරක් කිසියම් කාලයක් තුළ ගමන් කිරීමයි. ඒ නිසා ආලෝකයේ වේගයේ නියතයක් වීමට නම් කාලය ගලා යාමේ අනියත බවක් නිසා විය හැක. අවකාශය තුළ වැඩි වේගයෙන් ගමන් කරන වස්තු කාලය තුළ සෙමින් ගමන් කරයි.
එය බලන කෝණය අනුව,වේදිකාවේ තිබෙන ඔරලෝසුව හා දුම්රිය තුළ ඔරලෝසුවේ කටු කැරකෙන අනුපාතය  එකින් එකට වෙනස් වේ. ගමන් කරන දුම්රිය තුළ, කමල් දකින්නේ ඔරලෝසුවේ කටු සාමාන්‍ය ආකාරයට කැරකෙන බවයි.
එහෙත් වේදිකාව තුළ සිටින සමන්ට පෙනෙන්නේ දුම්රියේ ඔරලෝසුව සෙමින් කැරකෙන බවයි.
දුම්රිය තුළ සිටින කමල්ට කාලයේ කිසි වෙනසක් නොදැනේ. කාලය මනින යන්ත්‍ර ( පෙන්දළමක දෝලනය, ක්වාට්ස් ගලක කම්පනය වැනි) භෞතික විද්‍යාත්මක සිද්ධි වේ. සාපේක්ෂතාවාදයට අනුව යොමු රාමුව තුළ එම විශ්ව නීති( universal laws) වෙනස් නොවේ.

මෙය සාපේක්ෂතා වාදයේ මූලික අදහස පමණක් වන අතර ඔබට ශක්තිය සහ ස්කන්ධය අතර සම්බන්ධය ඇතුළු ඉතිරි කරුණු අවශ්‍ය නම් comment එකක් දාන්න. පසු ලිපියකින් මම එය විස්තර කිරීමට හැකිය.
                         - C.B. Wickramasekara
            

Comments

Post a Comment