ප්‍රථම වරට සඳ තරණය කිරීමේ අභියෝගය ජය ගත්තේ කෙසේද?


සඳ තරණය
දහවන විසිවන ශත වර්ෂවලදී තාරකා විද්‍යාත්මක ක්ෂේත්‍රයේ සිදු වූ තාක්ෂණික දියුණුවත්, නව උපකරණ නිපදවීමත් සමග අභ්‍යවකාශ තාක්ෂණය වේගයෙන් දියුණු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස සඳමත පා තැබීම සිදු විය .සඳ මත පා තැබීම අභ්‍යවකාශ තරණයේ ඉතා වැදගත් පියවරක් විය . සඳ මත පා තැබීමේ ක්‍රියාවලිය එකවර වූවක් නොවේ.එය පහත සඳහන් සොයා ගැනීම්වල ප්‍රතිඵලයක් ලෙස ඇති වූවකි.
      1.ගැලීලියෝ ගැලීලි නක්ෂත්‍ර දුරේක්ෂය මුලින්ම නිපද වීම .
       2.අයිසැක් නිව්ටන්         ගුරුත්වාකර්ෂණ නියමය ඉදිරිපත් කිරීම.
        3. සෝවියට් සංගමය ස්පුට්නික් නම් ඇති ප්‍රථම කෘතිම චන්ද්‍රිකාව ගුවන් ගත කිරීම .
         4.යූරි ගගාරින් අභ්‍යවකාශයට  ජය ගැනීම .
           5.1961 දී ඇමරිකා එක්සත් ජනපදය නාසා ආයතනය පිහිටුවා ගැනීම .
ප්‍රථම සඳ ගාමීන් 

1.නීල් ආම්ස්ට්‍රෝන්
   1930 අගෝස්තු 5 ඇමෙරිකාවේ දී චැපකොන්ට් ගම්මානයේ උපත ලැබීය.වයස අවුරුදු දාහතරේ සිට ගුවන් යානා පැදවූ ඔහු 1955 ගුවන් කටයුතු පිළිබඳ ඉංජිනේරු උපාධිය ලැබීය . 
     2.මයිකල් කොලින්ස් 
        1930 ඔක්තෝම්බර් 31 වන දා ඉතාලිය උපත ලැබූ අතර යුද පවුලකින් පැවත එයි .1966 ජූලි 18 ජේම්ස් යං සමඟ දින තුනක් ගත කළේය .
        3.එඩ්වින් ඕල්ඩ්‍රිරින්
          1930 ජනවාරි 30 ඇමරිකාවේ නිව් ජර්සි නගරයේ උපත ලැබුවේය. 1951දී විද්‍යාවේදී උපාධියක් ලැබූ ඔහු 1963 දී විද්‍යාචාර්‍ය උපාධිය ලැබුවෙකි.

අභ්‍යවකාශ යානාව 

මෙම යාන ඔබ ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විත විය .ඒවා නම් ,
        1.පාලන මොඩියුලය (මව් යානය )
         2.සේවා මොඩියුලය 
          3.චන්ද්‍ර යානය (රාජලියා)
මෙම යානය නාසා ආයතනය විසින් නිපදවූ අතර එහි ක්‍රියාකාරිත්වය විමසා බැලීමට කැනරි දූපත් ආදියෙහි මධ්‍යස්ථාන රැසක් පිහිටුවා තිබිණි .නාසා ආයතනය විසින්  මර්කරි ජෙමිනි යන යෝජනා ක්‍රමවලට පසුව දියත් කරන ලද ඇපලෝ යෝජනා ක්‍රමය මගින් මෙම යානාව ගුවන්ගත කරන ලදී මෙම යානයට 3100 බරකින් යුක්ත විය.

ගුවන් ගමන ඇරඹීම

ඇපලෝ 11 යානය සැටර්න් 5 නම් රොකටය මගින් ගුවන් ගත වූහ. ගුවන් ගතවී විනාඩි 11 යි තත්පර හතළිස් දෙකකට පසුව සැටර්න් රොකටය ක්‍රියාකාරීත්වය නවතා පෘථිවිය වටා කක්ෂ ගත වූහ. පසුව නියමුවන් රැගත් ඇපලෝ යානය යානයේ කිසිවෙකුගේ මෙහෙයවීමකින් තොරව සඳ වටා කිහිපවරක් පණිවිඩ හුවමාරු කරගත්හ.

සඳ මතදී කාර්ය 

ජූලි 21 ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 08.08ට  නීල් ආම්ස්ට්‍රෝන්  චන්ද්‍ර යානයේ දොරටුව විවෘත කර සඳ මතට පා තැබීය. පා තැබීමෙන් උපසු නීල් ආම්ස්ට්‍රෝන් 
"මේ මිනිසෙකුගේ එක් පියවරක් පමණයි. එහෙත් මේ මිනිස් සංහතියම ඉදිරියට තැබූ වේගවත්ම පිම්මක් වනු ඇත"
ලෙස ප්‍රකාශ කර ඇත .දෙවනුව ඕල්ඩ්‍රින් සඳ මතට පා තැබී ය .රිදියෙන් නිම කළ සමරුවක් සඳ මත සවි කිරීම එහි දී සිදු විය.
"වර්ෂ 1969 ජූලි මස 21 වැනි දින පෘථිවි ග්‍රහයා වෙතින් පැමිණි මුල්ම මිනිස්සු සඳ මත පා තැබූහ. සාමය පතා අපි මෙහි පැමිණියෙමු ."
ලෙස එහි සඳහන් විය.අනතුරුව සූර්ය සුළං රඳනකය  නැමැති උපකරණය සවි කිරීම සිදු විය .ඉන් අනතුරුව ඇමරිකානු ජාතික ධජය සඳ මත තැන්පත් කරන ලදී  .අනතුරුව නීල් ආම්ස්ට්‍රෝන් විශේෂ ආයුධයක් යොදාගෙන චන්ද්‍ර පාෂාණ සහ පස් කිලෝග්රැම් 380 ක් විශ්ලේෂණය සඳහා එක්රැස් කර ගත්තේය .

ආපසු පෘථිවියට පැමිණීම 

නියමුවන් තිදෙනා රැගත් ඇපලෝ යානයේ  ජූලි 24 වනදා රාත්‍රියේ පැයක සැතපුම් 24,641ක් වේගයෙන් පෘථිවි වායුගෝලයට ඇතුළු විය ."හෝර්නට්"නැමැති නෞකාව ඇපලෝ යානය ගොඩ  බැස්සවීමේදි  සිදුවන අනතුරු වලක්වාලීමට සූදානමින් සිටියේය.පැරෂුට් කුඩ තුනකින් යානය වේගය අඩු කරනු ලැබිණි .ඒ අනුව ප්‍රථම සඳ තරණය සාර්ථක ලෙස අවසන් විය .
                  -A.M.Kushan Madhusanka

Comments