තාරකා ඡායාරූප ශිල්පය
විද්‍යාත්මක පුනරුදයේ සියලුම අදහස් මෙන්ම අයිසැක් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයත් පදනම් වූයේ විශ්වය ඔරලෝසු කටු මෙන් ක්‍රියා කරන බවයි. 1880 ගණන්වලදී ස්කොට්ලන්තයේ ඔරලෝසු නිපදවන්නකු වූ ඩේවිඩ් ගිල් තම ඔරලෝසු යාන්ත්‍රණය තාරකා විද්‍යාත්මක දුරෙක්ෂවලට යොදවන ලදී. එමගින් තාරකා ඔරලෝසු කටු මෙන් ක්‍රියා නොකරන බවයි.
ඩේවිඩ් ගීල් තාරකා ඡායාරූප ශිල්පයේ ප්‍රමුකයෙකි.1860 ගණන්වලදී තම පියාගේ ගෙවත්තේ ඔහු තම පරාවාර්ථක දුරේක්ෂය සදහා 30cm tracking mount එකක් සාදා චන්ද්‍රයා කිසි දා නොදුටු අයුරකින් ඡායාරූප ගැනීමට හැකි විය. එම ඡායාරූප නිසා ඔහුට රාජකීය තාරකා විද්‍යා සංගමයේ සාමාජිකත්වය හිමි විය. 1872 වන විට ඔහුට ඇබර්ඩීන්හි දුනෙච්ට් නිරීක්ෂගරයේ තාරකා විද්‍යාඥ ධුුරය හමු විය.
ඩේවිඩ් ඔරලෝසු යාන්ත්‍රණය තම දුරේක්ෂ මවුන්ට් සදහා යොදවා දුරේක්ෂ පෘථිවියේ භ්‍රමණය සමග සම කර ඇත.මේ නිසා දුරෙක්ෂයට අහසේ එක් ප්‍රදේශයකට පමණක් යොමු කිරීමට හැකි විය. ආකාශය ඡායාරූප ගැනීමට උත්සාහ කළේ ඔහු පමණක් නොවේ. ඊට පෙර උත්සාහ දැරූ අයට ඒ සදහා මිනිත්තු කිහිපයක් exposure කිරීමට සිදු වන නිසා ද tracking සදහා උපකරණ නොතිබූ නිසා ද ඡායාරූප පැමිණියේ නොපැහැදිලි ඡායාරූප ලෙසය.







Comments
Post a Comment