තාරකා භෞතික විද්‍යාව යනු


තාරකා භෞතික විද්‍යාවේ යනු තාරකා,ග්‍රහ ලෝක ,ආකාශ වස්තු, මන්දාකිණි යන අභ්‍යවකාශ වස්තූන් අතර පවත්නා භෞතික ගුණ (දීප්තිය, ඝනත්වය, උෂ්ණත්වය හා රසායනික සංයුතිය) එම වස්තූන් අතර පවත්නා මාධ්‍ය හා ඒවායේ අන්තර් ක්‍රියාවන් පිළිබඳ අධ්‍යයනයට අදාළ තාරකා විද්‍යාවේ අනු ශාඛාවක් ලෙස තාරකා භෞතික විද්‍යාව හඳුන්වා දිය හැකිය . තාරකා විද්‍යාව යනු හුදෙක් එක් විෂයකින් විෂයකින් සැදුම් ලද්දක් නොව එය විෂය පථ ගණ්නාවකින්  යුතුව සැදුම්ලත් විෂයක් බව ඒ අනුව පැහැදිලි වෙයි .තාරකා විද්‍යාවේ විද්‍යාවේ ආරම්භය අදක ඊයෙක ඇති වූවක් නොව මීට ඉතාමත් දිගු කාලයකට පෙර ඇති වූවක් බව මම මීට පෙර මගේ ලිපි මගින් ඔබව දැනුවත් කර ඇත .අභ්‍යවකාශය පිළිබඳ අධ්‍යනයන් කර විද්‍යාඥයන් අතරට ඇල්බට් අයිස්ටයින් ට හිමි වෙන්නේ විශාල ස්ථානයකි .
ඒ මන්ද යත් ඇල්බට් අයින්ස්ටයින් විසින් සාපේක්ෂතාවාදය සිද්ධාන්ත විශාල සංඛ්‍යාවක් සොයා ගැනීමත් සමඟයි .සාපේක්ෂතාවාදය  වාදය එන ඉගැන්වීම් තාරකා විද්‍යාවේ සෛද්ධාන්තික තාරකා භෞතික විද්‍යාව දෙසට බෙහෙවින් නැඹුරු වන බව උගත්හු පිළිගනී .තාරකා විද්‍යාව ඉතාම සරල විෂයක් නොව එය ඉතාමත්ම පුළුල් විෂයක් බව ඒ අනුව පැහැදිලි වේ .ඒ අනුව තාරකා භෞතික විද්‍යාව ද අතු ශාඛාවන් රාශයකින්  සමන් විත වේ .
1.යාන්ත්‍ර විද්‍යාව 
2.විද්‍යුත් චුම්බකත්වය 
3.ස්ථිතික යාන්ත්‍ර විද්‍යාව 
4.තාප ගති විද්‍යාව 
5.ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාව 
6.සාපේක්ෂතා වාදය 
7.න්‍යෂ්ටික සහ ප්‍රායෝගික භෞතික විද්‍යාව
8.පරමාණුක හා අණුක භෞතික විද්‍යාව
යන ආදිය ඒ අතර ප්‍රධාන වේ .නූතන තාරකා විද්‍යාවේ දී තාරකා භෞතික විද්‍යාවට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි ඊට හේතුව විද්‍යාත්මක ගවේෂණ සඳහා භෞතික විද්‍යාව බෙහෙවින් හේතු වීමයි .තාරකා භෞතික විද්‍යාවේ දී බෙහෙවින් කතා කෙරෙනුයේ ද්‍රව්‍යය ,ශක්තිය, කාලය හා අවකාශය ගැනයි ද්‍රව්‍යවල ගුණ මෙන්ම ව්‍යුහයත් ශක්තියේ ගුණ ශක්තිය හා ද්‍රව්‍යය අතර අන්තර්ක්‍රියා සහ සහසම්බන්ධය මෙහිදී සාකච්ඡාවට ගැනේ .තාරකා 
භෞතික විද්‍යාව අප අපගේ ස්වභාවධර්මය හඳුනා ගැනීමේ   ස්වභාවධර්ම විද්‍යාවක් ලෙසත් හඳුනා ගන්න පුළුවන් වෙයි.ඒ අනුව තාරකා භෞතික විද්‍යාවේ දී කාලය, අවකාශය, පදාර්ථය සහ ශක්තිය  ඒවා පිළිබඳව සහ ඒ අතර පවතින සම්බන්ධතා භෞතික විද්‍යාව තුලින් නිර්මාණය කර අධ්‍යයනයන් කරනු ලැබේ .තාරකා භෞතික විද්‍යාව පිළිබඳ හැදෑරීම් වර්ථමාන සහ අනාගත විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවට බෙහෙවින් උපකාරී වේ .තාරකා භෞතික විද්‍යාවේ අන්තර් සම්බන්ධතා පිළිබඳ හඳුනා ගැනීමේදී ඒවා කොටස් දෙකකට බෙදිය හැකි ය .එ නම් ,
             1.ශාස්ත්‍රීය භෞතික විද්‍යාව
             2.නූතන භෞතික විද්‍යාව වශයෙන් වෙයි .ශාස්ත්‍රීය භෞතික විද්‍යාවට අයත් වන පථයන් වන්නේ යාන්ත්‍ර විද්‍යාව, ආලෝක  විද්යුතය, චුම්භක ශක්තිය, ධ්වනිය හා තාපය යන ඒවා ය .කොන්ටම් භෞතික විද්‍යාව පරමාණුක හා න්‍යෂ්ටික විද්‍යාව වැනි විෂය පථයන් නූතන තාරකා භෞතික විද්‍යාවට අයත් වේ .
ඊට අමතරව සාපේක්ෂතා වාදය ද මේ යටතට අයත් වේ .තාරකා භෞතික විද්‍යාව  අධ්‍යනයන් සැලකීමේදී ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වැටේ.එනම් ප්‍රායෝගික භෞතික විද්‍යාව හා න්‍යායික භෞතික විද්‍යාවයි .ප්‍රායෝගික භෞතික විද්‍යාව තුළින් වැඩි අවධානයක් යොමු වන්නේ කොන්ටම් භෞතික විද්‍යාව,  පරමාණුක න්‍යෂ්ටික විද්‍යාව යන විෂය පථයන් සඳහා වේ.ප්‍රායෝගික භෞතික විද්‍යාව තුළ වැඩි අවධානයක් යොමු වන්නේ වන්නේ නිරීක්ශණ ප්‍රථිඵල මත එළඹෙන නිගමන වලට වේ. න්‍යායික භෞතික විද්‍යාව ගණිතමය න්‍යායන්, සමීකරණ හා ගණනය කිරීම් මත වැඩි අවධානයක් යොමු කරන බව තාරකා  භෞතික  විද්‍යාව අධ්‍යයනය තුළින් පැහැදිලි වේ .                                               -A.M.Kushan Madhusanka

Comments