පණුකුහර | Wormhole

පණුකුහර | Wormhole




මොකක්ද මේ පණු කුහරයක් කියන්නේ මම මගේ ලිපියෙන් මේ ආකාරයට පටන් ගන්නම් ඔබ film TV series බලන කෙනෙක් නම් ඔබ මේ වන විටත් interstellar Netflix dark චිත්‍රපටය සහ TV series එක බලලා ඇති කියලා මම හිතනවා interstellar film  එක තුළ සෙනසුරු ග්‍රහයා ලඟින් මතුවන යමක් තුළින් කූපර් ඇතුළු පිරිස ඇදෙනවා ඔබට දැක ගන්නට ලැබෙන්න ඇති. මෙවැනි දෙයකට  තමයි පණු කුහරයක් කියලා කියන්නේ ඒ වගේම netflix dark tv series  එකෙ season 1 හි episode 10 හිදී 1986 සිටින Jonas kahnwarld 2052 වසරට ගමන් කරන්නේත් 1953 සිටින Heldge Doppler 1986 වසරට ගමන් කරන්නේත් මෙවැනිම wormhole එකක් තුලින්.



හරි අපි මේ ආකාරයට තේරුම් ගනිමු මම ඉහත සඳහන් කළේ wormhole කියන එකේ භාවිතයන් දෙකක් ඉතිං දැන් අපි wormhole  එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන යම්කිසි ආකාරයක අවබෝධයක් ගමු.

සත්‍ය වශයෙන්ම පවසනවානම් wormhole එකක් කියන්නේ කාල කාල-අවකාශ සිදුරක් ඉතින් මෙවැනි දෙයක් පැවතිය හැකියි යනුවෙන් මුලින්ම අදහසක් ඉදිරිපත් කරන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් සහ නෙදන් රෝසන් කියන විද්‍යාඥයෝ දෙදෙනා.

ඉතින් ඒක හින්දා මේ පණු කුහරය කියන එක einstein-rosen bridge කියලත් හදුන්වනවා.

පණු කුහරයක් කියන්නේ අන්ත දෙකක් යා කරන ගුහාවක් වගේ දෙයක් මේක හරියට දිගු අං වංගුවක් සහිත පාරක වංගුවේ දෙකෙළවර යා කරන උමග යාකරන උමගක් හෝ අතුරු පාරක් වගේ දෙයක්. ඔබ කොලයක් සහ පෑනක් ගෙන එහි මැදින් ඉරක් අඳින්න දැන් එම රේඛාවේ අන්ත දෙක එක මත එක එක හිටින විදියට කොළය වක්‍රාකාරව නමන්න දැන් ඒ අන්ත දෙක අතරින් හිලක් විදින්න දැන් එය මෙයාකාරයට තේරුම් ගන්නට උත්සාහ කරන්න ඔබ ගත්තු එක කඩදාසිය විශ්වය යැයි සිතන්න ඔබ ඒ එක් කෙළවරක සිට අනිත් කෙළවරට යාමට යම් කාලයක් ගතවේ ගත වේ නමුත් ඔබ කලින් ආකාරයට එය නැමුව පසු ඇති කරගත්  හීනෙන් ඔබට එම ලක්ෂ දෙක අතර ඉතා පහසුවෙන් අඩු කාලයක් තුළදී ගමන් කිරීමට හැකියාවක් ලැබේ ඉතිං පණු කුහරයක් තුලින් ද සිදුවන්නේ මෙය යි විශ්වයේ ආලෝක වර්ෂය වර්ෂ මිලියන ගණනක් ඈතින් පිහිටන  ලක්ෂ දෙකක් අතර ඇති වන කාල අවකාශ සිදුරක් තමයි මේ පණු කුහරයක් කියලා හඳුන්වන්නේ කියලා ඔබට ඔබට දැන් වැටහෙනු ඇත 



ඉතින් මේ ලිපිය ආරම්භයේ දී ඔබට මා පැවසුවා යම් කිසි කතා දෙකක් ගැන එහිදී interstellar චිත්‍රපටය තුළ මෙම  wormhole  කියන දේ භාවිතා කළේ ඉතා දුරින් පිහිටි ස්ථාන දෙයක් අතර හුවමාරු වීමටයි නමුත් Netflix dark TV series එක තුළ මේ wormhole කියන සංසිද්ධිය භාවිතා කරන්නේ කාල තරණය කිරීමටයි 

හරි දැන් ඔබට යම්කිසි ආකාරයක ප්‍රශ්නයක් ගොඩනැගෙන්නට ඇත 

සත්‍ය වශයෙන්ම පවසනවා නම් යම් දුරවල් දෙකක් යා කරනවා යන යනුවෙන් හඳුන්වන්නේ ද  කාල තරණය හා සමාන දෙයකි.

මේ පණු කුහරය මගින් යා කෙරෙන්නේ එකිනෙකට දුරින් පිහිටි වෙනස් කාල රාමු දෙකකි එමරාමු දෙකකි එම නිසා මෙහිදී කාල අන්තරයක් ඇති වේ එම නිසා මෙය කාල තරණය හා සමාන වේ 

එය නොතේරෙනවා නම් මෙන්න මෙ සේ සිතන්න ඔබ මා ඉහත සඳහන් කළ වංගුව සහිත මාර්ගය තුළ ගමන් ගන්නා පුද්ගලයෙක් යැයි සිතන්න ඔබට යාමට නියමිතව ඇත්තේ මා කලින් සඳහන් කරපු වංගුව තුළින් නමුත් ඔබ කාලේ ඉතුරු කර ගැනීම සඳහා අර මා පැවසූ උමග එසේත් නැත්නම් අතුරු අතුරු පාර තුලින් ගමන් කරනවා ඔබ ට වංගුව තුළින් ගමන් කරන විට මිනිත්තු හතරක කාලයක් ගත වෙනවා නම් ඔබ ඊට අඩු කාලෙකින් එසේත් නැත්නම් අතුරු මාර්ගය තුලින් ගමන් කරනවා ඔයාගෙ ජීවිතේ කාල රේඛාව ඉහත සඳහන් කර වංගුව තුළින් පවතින්නේ නම් ඔබ සත්‍ය වශයෙන්ම මෙහිදී කාල තරණය සිදු කර ඇති බව ඔබට දැන් වැටහෙනු ඇත ඉතින් මෙම ක්‍රියාදාමය ඉහත සඳහන් කරපු දෙය හා සසඳන්න එහිදී අපේ සැබෑ කාල රේඛාව පවතින්නේ පණු කුහරය තුළින් නොව නමුත් අපි පණු කුහරය තුළින් ගමන් කරන විට අපට කාලය තරණය කිරීමට හැකිවන බව ඔබට දැන් වැටහෙනු ඇත 



සත්‍ය වශයෙන්ම අපටත් කාල තරණය කිරීමට සහ යම්කිසි දොරවල් දෙකක් අතර ඉතා කෙටි කාලයක තුළින් ගමන් කිරීමට ද මෙම පණු කුහරේ කියන දේ උපකාරී වෙනවා. මෙම පණු කුහරය කියන සංකල්පය සත්‍ය වශයෙන් ම පවතින්නේ නම් අපට ජීවය සොයා යන ගමනේ දී මේ කළු කුහරය ඉතාම ප්‍රයෝජනවත් දෙයක් වනවා නේද 

ඉතිං මෙය ඇත්තටම සංකල්පයක් ම පමණක් ද 

නෑ නමුත් ඔව් . මේ වන විටත් විද්‍යාඥයෝ පරීක්ෂණාගාර තුළ චුම්බක ක්ෂේත්‍ර භාවිතයෙන් මෙසේ පණු කුහරයක සැකැස්ම නිර්මාණය කරලා තියෙනවා. 

ඔබ මා ඉහත සඳහන් කළ චිත්‍ර පටය සහ ටෙලි කතා මාලාව බලා ඇත් නම් ඔබට වැටහෙනවා ඇති මෙම පණු කුහරය කියන දේ මිනිසා විසින් නිර්මාණය කොට ඇති දෙයක් කියලා.



විද්‍යාව කියන්නේ මේ වගේ රසවත් දේවල් අන්‍තර්ගත වන දෙයක් ඉතින් තාරකා විද්‍යාව කියන්නේ මේ සියලුම විද්‍යාවන්ගේ මව් විද්‍යා විෂය කියලා අපිට හඳුන්වන පුළුවන්මේ සෑම සංකල්පයක් ම සෑම දෙයක් ම තාරකා විද්‍යාව හා බැඳී පවතිනවා ඉතින්  ඒ තාරකා විද්‍යාව තුල ඇති සංකල්ප සහ අලුත් අලුත් දේවල් දැනගන්න දිගටම අපත් සමගම රැදී සිටින්න 

වැඩිවිස්තර  සදහා පිවිසෙන්න

Comments