මොකක්ද මේ රොකට් තාක්ෂණය කියන්නේ?
රොකට් තාක්ෂණ
රොකට්ටුවක අභ්‍යන්තර පෙනුම
රොබට් එච්. ගොඩාඩ් විසින් නිපද වූ මුල්ම රොකට්ටුවශතවර්ෂ කීපයකට පෙරදී චීන ජාතිකයන්යුද කටයුතු සඳහා භාවිතා කළ රොකට්ටුව වර්තමානය වන විට අභ්‍යවකාශ ගවේෂණය සඳහා යොදා ගැනෙන තරමට වැඩි දියණු වී අවසන්. එපමණක් නොව යුද කටයුතු වලදී මිසයිල නිපදවීම සඳහාත් මෙම රොකට් තාක්ෂණය යොදා ගනු ලබයි. මෙසේ මිනිසාට හිතකර මෙන්ම අහිතකර කාර්යයන් රැසක් සඳහා යොදා ගැනේ. මුලින්ම වෙඩි බෙහෙත් හඳුන්වා දීමත් සමගම රොකට්ටු නිර්මාණයද එළිදැක්වී ඇත. වර්ෂ 1200 දී චීන ජාතිකයන් විසින් ඊතලයක් සමග රොකට් භාවිතා කර ඇති බව සඳහන් වේ. නලයක් තුළ තද වන ලෙස ඇසිරූ වෙඩි බෙහෙත් වලින් මෙම කුඩා රොකට් විශේෂය සාදා තිබිණි. මෙම නලයේ එක් කෙළවරක් වසා තිබූ අතර අනෙක් කෙළවර විවෘත වී තිබිණි. මෙම සරල රොකට්ටුව වර්තමාන රොකට් නිෂ්පාදනයට උපයෝගී කර ගැණිනි. රොකට් නිර්මාණ තාක්ෂණය ඉතා ඉක්මණින්ම යුරෝපයට ව්‍යාප්ත විය. ඒවා යුද කටයුතු සඳහාද යොදා ගත් අතර තුවක්කු සහ කාලතුවක්කු දියුණු වීමත් සමග 1700 අග භාගය වන තෙක් රොකට්ටු යුද කටයුතු වලින් ඈත් විය.නැවත වතාවක් බි‍්‍රතාන්‍ය ජාතිකයකු වූ විලියම් කොන්ග‍්‍රිව් රොකට්ටුව කාර්යක්ෂම ආයුධයක් ලෙස වැඩි දියුණු කිරීමට පටන් ගත්තේය. 1850 දී ඉංග‍්‍රීසි ජාතික විලියම් හේල් විසින් රොකටයේ නොසලයට වක‍්‍රයක් සවිකිරීමෙන් එහි නිවැරදිතාවය වඩාත් වැඩිදියුණු කළේය.වර්ෂ 1800 අග භාගය වන විට මෙම රොකට්ටු අභ්‍යවකාශ කටයුතු සඳහා යොදා ගත හැකි බව මිනිසුන්ට අවබෝධ විය. රුසියානු ජාතික ගුරුවරයෙකු වූ කොන්ස්තන්තීන් සියොල්කොවුස්කි මෙම රොකට් තාක්ෂණය පිළිබඳ ඉතා දීර්ඝ වශයෙන් පර්යේෂණ කළ අතර එම හේතුවෙන් ඔහු අභ්‍යවකාශ යානා වල පියා යනුවෙන්ද හඳුන්වයි. එක්සත් ජනපදය හා ජර්මනියද මේ පිළිබඳව ප‍්‍රධාන වශයෙන් පර්යේෂණ සිදුකර ඇත.එක්සත් ජනපදයේ රොබට් එච්. ගොඩාඩ් විසින් ප‍්‍රථම ද්‍රව ඉන්ධන රොකටය 1926 දී ගුවන් ගත කරන ලදී.ජර්මනියේදී ආචාර්ය වර්නන් වොන් බ්‍රොන් ඇතුළු කණ්ඩායමක් විසින් V - 2 නම් රොකට්ටුව නිර්මාණය කළහ. ඉන් දෙවන වන ලෝක යුද සමයේ ලන්ඩනයට හෙළීමට බෝම්බ නිෂ්පාදනය කෙරිණි.V - 2 යනු වර්තමානයේ භාවිතාවන රොකට් මිසයිල හා අභ්‍යවකාශ රොකට්ටු වල පැරණිතම මුතුන්මිත්තා වශයෙන් සැළකෙයි. මිනිසා ප‍්‍රථම වරට සඳ මතට ගෙන ගිය රොකටය වූ සැටර්න් V රොකටයේ නිර්මාතෘවරයා වූයේද ආචාර්ය බ්‍රාන්ය.
සරල රොකට්ටුවක කි‍්‍රයාකාරීත්වය සඳහා ඉන්ධන ඉතා විශාල ප‍්‍රමාණයක් දහනයෙන් නිපදවෙන වායුව යොදා ගනී. මෙහිදී හට ගන්නා බලයෙන් රොකටයෙන් පහළට තෙරපුමක් ඇති කරන අතර ඉන් එය ඉහළට එසවීමට අවශ්‍ය බලය ලැබේ. සාමාන්‍යයෙන් චලිතය පිළිබඳව නිව්ටන්ගේ (සර් අයිසැක් නිව්ටන්) තුන්වන නියමයට අනුව රොකට්ටුවක කි‍්‍රයාකාරිත්වය සිදුවෙයි. “සෑම කි‍්‍රයාවකටම සමාන වූත් ප‍්‍රතිවිරුද්ධ වූත් කි‍්‍රයාවක් ඇති” බව නිව්ටන්ගේ 3 වැනි නියමයෙන් කියැවේ. රොකට්ටුවක් ගුවන්ගත කිරීම සඳහා අවශ්‍ය බලය උත්පාදනය කිරීමට යොදා ගන්නා ද්‍රව්‍ය වලට ප‍්‍රචාලන යැයි කියනු ලබයි.මේ ආකාරයෙන් ප‍්‍රචාලන වර්ග 2 ක් රොකට්ටුව සඳහා යොදා ගැනේ. ඉන් එක් වර්ගයක් ඝන ප‍්‍රචාලන ලෙසද අනෙක් වර්ගය ද්‍රව ප‍්‍රචාලන වශයෙන් ද හඳුන්වයි. මේ වර්ග දෙකේදීම බලය උත්පාදනය සඳහා ඉන්ධන හා ඔක්සිකාරක වශයෙන් කොටස් දෙකක් යොදා ගැනේ. මෙහිදී ඔක්සිකාරකය යනුවෙන් හඳුන්වන්නේ යොදා ගන්නා ඉන්ධනය දහනය කිරීමට අවශ්‍ය ඔක්සිජන් වායුව ලබාගන්නා ද්‍රව්‍යටයි.
රොකට්ටුව එසවීමට අවශ්‍ය බලය ලබාගැනීමට වෙඩි බෙහෙත් වැනි ද්‍රව්‍ය යොදා ගන්නා විට ඒවා ඝන ප‍්‍රචාලන නමින් හඳුන්වයි. එයට ගල් අඟුරු (කාබන්) සහ සල්ෆර් ඉන්ධනය ලෙසත්, වෙඩිලුණු (පොටෑසියම් නයිටේරට්) ඔක්සිකාරකය ලෙසත් යොදා ගනී. අභ්‍යවකාශ ගත කරන රොකට්ටුව සඳහා විවිධ වර්ග වල ඝන ප‍්‍රචාලන යොදා ගනී. ඝන ප‍්‍රචාලන මගින් කි‍්‍රයා කෙරෙන රොකට්ටු ඉතා සරල හැඩයෙන් නිමවා ඇත. දහනය වීමේදී නිපදවෙන වායුව පිටවීමට යෙදූ නොසලයක් ද සහිත සිලින්ඩරයක ඒවා අසුරා ඇත. එම සිලින්ඩරය ඉන්ධන දහනය වන දහන කුටීරය ලෙසද කි‍්‍රයාකරයි.
අභ්‍යවකාශයට ගුවන් ගත කෙරෙන රොකට්ටු වලට වඩා බහුල ලෙස යොදාගනු ලබන්නේ ද්‍රව ප‍්‍රචාලනයි. ද්‍රව ප‍්‍රචාලන වලින් ඝන ප‍්‍රචාලන වලට වඩා විශාල බලයක් උත්පාදනය කිරීමට හැකිවීම එයට හේතුවයි. අභ්‍යවකාශ ෂටල වල සහ ප‍්‍රධාන රොකට් යන්ත‍්‍ර වල ඉන්ධනය ලෙස ද්‍රව හයිඩ‍්‍රජන් සහ ඔක්සිකාරකය ලෙස ද්‍රව ඔක්සිජන් භාවිතා කරයි. මෙම ප‍්‍රචාලන දහනයේදී එයින් ජලයසහ විශාල තාපයක් උත්පාදනය වේ. වාෂ්ප ලෙස නික්මෙන ජලය රොකටයේ නොසලයෙන් ඉතා වේගයෙන් පිටතට නිකුත් කෙරේ. සමහර රොකට් වල භුමිතෙල් හෝ හයිඩ‍්‍රසීන් ඉන්ධන ලෙස යොදා ගනී. ද්‍රව ප‍්‍රචාලන රොකට්ටු වල පවතින ප‍්‍රධාන අවාසියක් වන්නේ ඒවායේ අධික වේගය ලබා ගැනීමට සෑම තත්පරයකම ප‍්‍රචාලන ටොන් කීපයක් දහනය කළ යුතු වීමයි. මේ බාධකය ජය ගැනීමට වර්තමානයේ විද්‍යාඥයෝ විවිධ පර්යේෂණ පවත්වති.
දැනට අපට සඳ මතට ගමන් කිරීමේ හැකියාව ඇත. නමුත් දැනට පවතින වර්ගයේ රසායනික දහන රොකට්ටු වලින් වෙනත් ග‍්‍රහලෝක කරා ගමන් කිරීමේ හැකියාව නැත. එහෙයින් විද්‍යාඥයන් විසින් මේ සඳහා යෝග්‍ය රොකට්ටු වර්ග පිළිබඳ විවිධ අදහස් දක්වති.කෙසේ නමුත් අභ්‍යවකාශයේ දුරගමන් සඳහා යෝග්‍ය වන රොකට්ටු ඉතා ඉක්මණින් නිර්මාණය වනු ඇත. ඒවා න්‍යෂ්ටික ශක්තිය හො වෙනත් උපක‍්‍රමයකින් කි‍්‍රයාත්මක කිරීමට ද මේ වනවිට අත්හදා බැලීම් සිදුවී ඇත. එක්සත් ජනපදයේ නාසා ආයතනය මෙම පර්යේෂණවලින් මේ වනවිට සාර්ථක ඵල නෙලාගෙන ඇති බවද සඳහන්. කෙසේ වෙතත් දුරින් පිහිටි වෙනත් ග‍්‍රහ වස්තූන් කරා යා හැකි ප‍්‍රබල රොකට්ටු නිර්මාණය කිරීමේ සිහිනය සැබෑ වීමට වැඩි කලක් ගත නොවනු ඇත.
චන්ද්‍රිකාවක් උඩුගුවනට යැවිමට මුල් කාලයේදි යොදාගත් ප්‍රධාන මේවලම වූයේ රොකට්ටුවයි. චන්ද්‍රිකා පමණක් නොව අභ්‍යවකාෂයේ තොරතුරු ගවේශනය සදහා සහ චන්ද්‍රයාගේ තොරතුරු ගවේෂණය සදහා යොදා ගත් අභ්‍යවකාශ යානා උඩු ගුවනට ගෙනයාම සදහාත් ඒවා අභ්‍යකාෂයේ අෑතට ගමන් කරවීම රොකට්ටු යොදා ගැනිණි.
Artical by A.M.Kushan Madhusanka






Comments
Post a Comment